Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මම ආපහු ඡන්දේ ඉල්ලන්න කැමති නෑ – ලාල් කාන්ත

3 months ago

තමා මින් ඉදිරියට මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පවසා සිටියේ එනමුදු අඛණ්ඩවම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බවයි.

තවදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

“රටට සේවය කරන්න දේශපාලනය කරන්න පාර්ලිමේන්තුවටම යන්න අවශ්‍ය. ජනාධිපතිතුමා මට බල කරලා කිව්ව නිසයි මම මහනුවරෙන් මේ පාර ඡන්දෙ ඉල්ලව්වේ. මම ඡන්ද ඉල්ලන වැඩේට කොහොමත් කැමති නෑ. එනිසා මීට පසු මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දේ ඉල්ලන්න මගේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මහනුවරට සේවයක් කරනවා. දැන් අපේ ලේකම්තුමා ඉන්නවා ටිල්වින් සිල්වා. එයා කවදාවත් ඡන්දෙ ඉල්ලලා නෑ. ඒත් ක්රියාකාරී දේශපාලනය අවුරුදු කීයක් ඉන්නවද. මම මේ පක්ෂය අත ඇරලා යන්නෙත් නෑ කවදාවත්. මේ පක්ෂය කඩාගෙන කීදෙනෙක් ගියාද. අපි හෙල්ලුනේවත් නෑ. ඒ වගේම තමයි අපේ ආණ්ඩුව තමයි දිගටම මේ රටේ ආණ්ඩු කරන්නේ. අඩුම වශයෙන් අපිට අභියෝග කරන්න කෙනෙක්වත් පේන තෙක් මානෙක නෑ. විපක්ෂයක් හරියට තියෙනවද. ඒ නිසා අපිට දිගටම මේ රටේ අපේ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ඇතැම් විට ජනාධිපතිතුමා වෙනස් වෙන්න පුළුවන්. ඉන්න නිල තනතුරු වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ. ඕක තමයි ඇත්ත තත්ත්වය.”