Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් ගත් පොලීසියේ සිව්දෙනාට ඇප

3 months ago

ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප

තණමල්විල, නිකවැව ප්‍රදේශයේ හේනක් වටලා එහි හිමිකරුගෙන් රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇප මත මුදාහැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එක් සැකකරුවෙකුට රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මෙලෙස මුදාහැරීමට නියෝග කර ඇත්තේ.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් කොස්තාපල් රි‍යැදුරෙක්.