Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගිය 6කට වැඩ වරදී

3 months ago

කිලිනොච්චිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

A9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මෙලෙස අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

රථවාහන පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවල බලපත්‍ර සඳහා පොලිස් නිලධාරීන් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම බලපත්‍රවලට අත්සන් නොකර සිටීම සඳහා ටිපර් රථ රියදුරන් පස්දෙනෙකු පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇති බව සඳහන්.

එමෙන්ම බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස බලපෑම් කරමින් තවත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව්, පලෙයි, ධර්මපුරම්, විශ්වමඩු, කිලිනොච්චිය සහ පරන්තන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.