Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්

3 months ago

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කරමින්, රථවාහන ප්‍රවාහය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙහි තාවකාලික මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 104.9 ක් වන අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් සඳහා සම්බන්ධක මාර්ග පහත පරිදි යෝජනා වී තිබෙනවා.

* I කොටස: කිලෝමීටර 117.68 ක දිගින් යුත් සම්බන්ධක මාර්ග 12 ක්

* III කොටස: කිලෝමීටර 83.98 ක දිගින් යුත් සම්බන්ධක මාර්ග 14 ක්

* IV කොටස: කිලෝමීටර 81.36 ක දිගින් යුත් සම්බන්ධක මාර්ග 09 ක්

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව 2026-2030 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.