පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක (මිලියන 124.5කට වැඩි) ආදායමක් උපයා ගැනීමට සමත්වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) නිවේදනය කරයි.
අදාළ දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316කි.
වාහන 163,763ක් ධාවනය වී ඇති අතර උපයාගත් ආදායම රුපියල් 60,409,995කි.
වාහන 161,553ක් ධාවනය වී ඇති අතර උපයාගත් ආදායම රුපියල් 64,164,930කි.
මෙම නිවාඩු දින දෙක ඇතුළත වැඩිම වාහන ගමනාගමනයක් වාර්තා වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) සහ පිටත වටරවුම් මාර්ගය (E02) ඔස්සේය
