පාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ශතක වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් සහ හිටපු ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එම ක්‍රීඩාංගණයේ ගෞරවනීය නාම ලේඛනයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව සහභාගී වූ සිය පළමු තරගයේදීම ලකුණු 119ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර, එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය ලෙස සටහන් විය.
පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව අගනා පිතිහරඹයක නිරත වූ හිටපු ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ලකුණු 167ක් රැස් කළ අතර, එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකය ලෙස වාර්තා වේ.
