නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු සොයාගත් 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීමට රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් හා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නිවේදනය කරයි.
මවක ලෙස තමන්ට ද මෙම සිදුවීම අතිශය කම්පනකාරී බව සඳහන් කරන අමාත්‍යවරිය, මව්පියන් සහ දරුවන් අතර අන්‍යෝන්‍ය සන්නිවේදනය ගිලිහී යාම නිසා දරුවන් සිය සමීපතම පරිසරය තුළම අනාරක්ෂිත වන බව පෙන්වා දෙයි.
“මව්පියන් ළඟ තමන් සුරක්ෂිතයි” යන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඇය සියලු මව්පියන්ගෙන් ඉල්ලා සිටී.
අනාරක්ෂිතභාවයට පත්වන දරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
