ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ කැඳවීමකට අනුව එම සමාගමේ නියෝජිතයින් අද (16) පෙරවරුවේ එම අධිකාරිය හමුවේ පෙනී සිට සාකච්ඡා පවත්වා තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව සමාගමේ නියෝජිතයින් සඳහන් කළේ, අද පස්වරු 2.00ට සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන පාරිභෝගිකයන් දැනුවත් කරන බවයි.
වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින පසුබිමක පසුගිය 10 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කට අධික මුදලකින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබූ අතර, සමාගම මේ වන විට පාඩු ලබමින් පවතින බැවින් එලෙස මිල ඉහළ දැමීමට සිදුවූ බව නියෝජිතයින් පාරිභෝගික අධිකාරිය හමුවේ ප්රකාශ කර ඇත.
