Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිම්බාබ්වේට ගිය ශ්‍රී ලංකා පිලට හෝටලයේ අගු පිලට වැටීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

3 years ago

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග තරග වටය සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ රාජ්‍ය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටල් ලෝබියක් තුල රැඳී සිටීමට සිදුව තිබේ.

ක්‍රීඩකයන් පිරිස පැය තුනක පමණ කාලයක් හෝටල් ලොබියේ රැඳී සිට ඇති අතර ඔවුනට හෝටලයේ කාමර බෙදාගෙන භාවිතා කිරීමටද සිදුව තිබේ.

එම හෝටලයේ නේවාසික පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා කෙටි කාලයක් මෙසේ රැඳී සිට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි.

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප කිහිපදෙනකුම තම සමාජ ජාල ගිණුම ඔස්සේ එම අවස්ථාවේ පින්තූර පල කර ඇත.