Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘කිඹුලා’ දෙවන වරටත් සිම්බාබ්වේ ජනාධිපති ධූරයට පත්වෙයි

3 years ago

සිම්බාබ්වේ මැතිවරණයෙන් දෙවන වරටත් ජයගැනීමට හිටපු ජනාධිපති එමර්සන් නග්වා සමත්වී තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 52.6 ක්.

කෙසේ වෙතත් ගැටුම් මෙන්ම දරිද්‍රතාවයෙන් සහ ඉහළ උද්ධමනයක් වාර්තාවන සිම්බාබ්වේ රාජ්‍යයේ පැවති මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවටයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් මෙන්ම විපක්ෂයද ප්‍රකාශ කර ඇත්තේ.

2017 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපති රොබට් මුගාබේ ඉවත් කළ දින සිට මේ දක්වා එමර්සන් ම්නග්වා එරට හමුදා ප්‍රධානියා මෙන්ම ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

80 හැවිරිදි එමර්සන් ම්නග්වා ගේ දැඩි පාලනය හේතුවෙන් සිම්බාබ්වේ ජනතාව ඔහු “කිඹුලා” යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා.