Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෑගල්ලෙ පාසලක ගුරුවරයෙක් සිසුවකුගේ කන පලලා

3 years ago

කෑගල්ල නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක ගුරුවරයකු 13 හැවිරිදි සිසුවකුගේ කනට දරුණු ලෙස පහරදීම හේතුවෙන් රෝගාතුරවූ සිසුවා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව කෑගල්ල පොලිසිය පවසනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව ලබා ගැනීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළා.

කෑගල්ල මහ රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් දරුවාගේ කන් බෙරයට හානීවී ඇති බැවින් ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (07 ) පෙරවරුවේ දරුවා ශල්‍යකර්මයකට භාජන කළ බව සඳහන්.

මෙම පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඊට අදාළව විමර්ශන ආරම්භ කර තිබෙනවා.