Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් මෙන්ඩිස්ට කණ්ඩායම් නායකත්වය! චාමික සංචිතයට ?

3 years ago

කලවා ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දී සිටීම හේතුවෙන් නායක දසුන් ශානක ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම උප නායක කුසල් මෙන්ඩිස් යටතට පත් වනු ඇති බවයි වාර්තා වන්නේ

ශානක වෙනුවට චාමික කරුණාරත්න ලෝක කුසලාන සංචිතය සදහා ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ සදහා තරගාවලිතාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද අතක ඇති වූ ආබාධයක් හේතුවෙන්, ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඔහුට දින 10ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ප්‍රමෝද් මධුශාන්ව ඉන්දියාවට යැවීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.