ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන ධලිප් තහිල්ට එරට අධිකරණය විසින් මාස දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඔහුට මෙසේ සිර දඬුවම් නියම වුයේ 2018 වසරේදී බීමතින් රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම නිසා බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ අගතියට පත් වූ කාන්තාවට ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ගෙවන ලෙසට ධලිප් තහිල්ට අධිකරණයෙන් නියෝග කර ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ අදාළ තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට නඩුවක් ගොනු කරන බවයි.

