පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අදහස් කරගෙන සිටිනවා විය හැකි බව තමිල්මක්කල් දේශිය කුට්ටනි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (08) යාපනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙරට මුහුණ දෙන ආර්ථික අර්බුදය ඊට හේතුවක් ලෙස පෙන්වා දිය හැකි බවට ද ඔහු අවධාරණය කරනවා.
මෙන් ම සී.වී විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා යාපනය සංචාරය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
එහි දී ඔහු කියා සිටියේ, මෙම සංචාරය සිදු කර ඇත්තේ, දෙමළ ජනයාගේ හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වීමට බවයි. (source – monara)

