Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්

3 years ago

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීම හේතුකොට ගෙන ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා බදුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස නයන ප්‍රියංකර වාසලතිලක මහතා තෝරාපත් කර ගන්නා ලද බව එම ගැසට් නිවේදනයේ සඳහන්.