හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට යළිත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
හියුමන් ඉමියුනොගොබ්ලින් වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස පෙනී යන කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.
කාවින්ද ජයවර්ධන මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කර ඇති අතර එය සිතා මතා සිදු කරන ලද ඝාතන මාලාවක් බවයි.

