Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාසුගෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනයක්

3 years ago

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසියට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

එවන් සන්ධානයක් ගොඩනැගීමට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ද විරුද්ධතාවයක් නොදක්වන බවයි ඔහු පවසන්නේ.

ජනතාව මේ වන විට මහත් අර්බුදයකට පත් වී ඇති බවත්, ඊට හේතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි බවත් පැවසූ නානායක්කාර මහතා, මේ මොහොතේ එය පරාජය කරනු හැර වෙනත් කිසි ම දේශපාලනයක් තිබිය නොහැකි බව ද කියා සිටියා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විරුද්ධ කදවුරේ වැඩි ම ජනතා ප්‍රසාදයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බවත්, පැවසු මන්ත්‍රීවරයා එනිසා ජනතාවාදී දේශපාලනයක් ගොඩනැගීමට එම පක්ෂය මුල් යුතු බවත් කියා සිටිනවා.