ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උතසහ දරමින් සිටින බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට හිතවත් ශ්‍රී ලංක පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් විසින්.
නමුත් ඒ සඳහා පොදුජන පෙරමුණ තුළින්ම විරෝධයක් මතුව ඇති බව වාර්තා වනවා.
බැසිල් රාජපක්ෂට හිතවත් මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමටයි.
එහිදී ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය පොදු ජන පෙරමුණට ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රී පිරිස යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි මැතිවරණයකදී පොදු ජන පෙරමුණට යළි බලය ලබා ගැනීම සඳහා රට පුරා දේශපාලන හමු, සම්මන්ත්රණ, ජනරැළි 2500ක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

