Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිරන්ති රාජපක්ෂගේ නමට ලක්ෂ ගණනක හිඟ විදුලි බිලක්! පාර්ලිමේන්තුවෙන් කෝටි ගණනක පොල්ලක්!

3 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ නමට නොගෙවූ විදුලි බිලක් තිබෙන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ, ලංවීම සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පා අද (22) දහවල් සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් කෝටි හතක විදුලි බිලක් හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කළ යුතු රුපියල් මිලියන 22ක ගෙවීමක් ද තිබෙන බවයි.

එසේ ම ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉලක්ක කරමින් කියා සිටියේ, මේ ආකාරයෙන් රටේ ප්‍රධාන මරමස්තාන සහ ප්‍රභූන් විසින් විදුලි බිල් ගෙවීම් පැහැර හැර තිබිය දී සාමාන්‍ය ජනතාවගේ විදුලි විසන්ධි කිරීම්වලට යොමු වීම අසාධාරණ බවයි.

එහි දී ඔහු මෙසේ ද පැවසුවා.
“විදුලි බල මණ්ඩලයට පොල්ල තියලා තියෙනවා පාර්ලිමේන්තුව මාස හයක විදුලි බිල කෝටි හතයි. ඒ වගේ ම මිලියන 22ක් වෙලා තියෙනව ජනාධිපති ලේකම් කාර්යාලයේ විදුලි බල මණ්ඩලයෙ බිල. ඒ වගේ ම ශිරන්ති රාජපක්ෂ කිලයා නෝනා කෙනෙක්ගෙ බිලක් තියෙනවා. අගෝස්තු මාස නව වැනි දා තමයි එයා හය ලක්ෂ ගාණක් ගෙවලා තියෙන්නෙ. නව ලක්ෂ ගාණක් එයාගෙ බිල තියනවා. අගෝස්තු මාසෙ ඉඳන් මේ වෙනකල් ගෙවලා නෑ. අපි කංචනට කියනවා නම්බු පිටින් කරුණාකරලා ශිරන්තිගෙ බිලත් කපලා එන්න. ජනතාවගෙ බිල කපන්න කලින්.”