Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවෙන් සෑම ගමකටම දස බල සේනාවක්

3 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහනට ක්‍රියාත්මක වනු ඇති.

මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම්වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිතයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සමගාමීව මෙම “දසබල සේනා” වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.

මෙහිදී කොලඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (22) මොරටුවෙන් “දසබල සේනා” වැඩසටහන ආරම්භ කරන බවයි නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත්, බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව පොහොට්ටුවට එල්ල කරන අසත්‍ය චෝදනා පිලිබද දැනුවත් කර සත්‍ය කුමක්දැයි ග්‍රාමීය නායකයින් දැනුවත් කිරීමටද සූදානම් බව ඔහු අවධාරණය කර සිටියා.

මීට අමතරව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරාගෙන පක්ෂ අසත්‍ය ප්‍රකාශවලට පිලිතුරු දීම සදහා සූදානම් කරවන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.