Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චන්ද්‍රිකා වැඩ අල්ලයි! ජනාධිපතිවරණයට නව සන්ධානයක් සාදයි!

3 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් නව සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ නව සන්ධානයක් ගොඩනැඟීමේ යෝජනාව එහි නායකත්ව මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත නව සන්ධානයහ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා පුටුව ලකුණ යටතේ පවතින පොදු ජන එක්සත් පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග පවසනවා.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වෙනවා.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද තවදුරටත් සඳහන්.