Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4ක් ආණ්ඩුවට

3 years ago

විපක්ෂයේ සිටින මන්‍ත්‍රීවරියන් දෙදෙනකු ඇතුළු මන්ත්‍රීන් හතර දෙනෙක් පමණ ඉදිරි මාසය වන විට රජයට සහාය දීම සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම මන්ත්‍රීවරියන් දෙදෙනාම දැනට තමන් සිටින පක්ෂ ගැන කලකිරීමට පත්ව දැඩි නිහඬ බවක් පළ කරන දෙදෙනෙක් බවත් රජයට සහාය දීමට යන සෙසු විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනාම ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීන් බවයි.

මෙයින් එක් අයෙක් දැනටමත් තමන්ගේ දේශපාලන පිටිය සඳහා සුබ නැකැත් බැලීමක්ද සිදුකර තිබෙන බවද වාර්තා වනවා.

රජයට සහාය දුන්න ද ඒ වෙනුවෙන් මේ අයට අමාත්‍ය පදවි හෝ රාජ්‍ය අමාත්‍ය පදවි ලබාදීමක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.