හිටපු යුදහමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නොසතුට පළ කරනවා.
පෙරේදා (30) පැවති සජබ විරෝධතා පා ගමන අතරතුරයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කර තිබුණේ.
“මම ඊයේ දැක්කා අපිට හමුදාපති කෙනෙක් එකතු වෙලා තියෙනවා. මේවා මම කියන්න ලජ්ජා නැහැ මම ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා දැන් මේ කියන ටික ම කිව්වා.
මේ හමුදාපති තමයි 2010 මම නාවුක හමුදාවේ හිරකරලා තියෙන කොට මට විරුද්ධව චෝදනා පත්‍ර නගන්න අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩනය කරපු එක්කෙනා. ඒ චෝදනා හැදුවේ මෙයා තමයි.
හමුදාවේ නිලධාරී 25 දෙනෙකු මෙයාට ඉහලින් ඉද්දී මෙයාව උඩට ගෙනල්ලා හමුදාවේ දෙවෙනියා කළා. ඒ මට කරපු වැඩේ නිසා. එහෙම උඩට ගෙනත් තමයි එයාව හමුදාපති කෙරව්වේ.
එදා ඉඳලා ගෝඨාභයත් එක්ක වරායේ හිටියා, ලේකම්කම් කළා. අන්තිමට ගෝඨාභය ගෙදර ගියහ ම එනවා.
මෙයා ගෝඨාභයගේ දකුණු අත. මෙයා ගත්තනම් ඊළඟට ගෝඨාභයත් අපිට ගන්න පුළුවන්. මොකද මේ කියන විදිහට ගෝඨාභයත් රණවිරුවෙක්නේ”

