Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙරේදා සජිත් සමඟින් එක් වූ ප්‍රබලයා අද තවත් පක්ෂ කාර්යාලයකට කරණමක් ගසයි

3 years ago

සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයේ බොරැල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයට අද (01) උදෑසන පැමිණ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

‌‌ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට එක් වූයේ පෙරේදා (30) පෙරවරුවේය.

ඊට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් ජෙනරාල් දයා රත්නායක දැඩි ලෙස විවේචනය කළේය.

එම විවේචනය සම්බන්ධයෙන් කලකිරීමට පත් වූ ජෙනරාල් දයා රත්නායක අද (01) උදෑසන මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණ එහි නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
(source – aruna)

RELATED : දයා රත්නායක දිලිත්ගේ පක්ෂයට ගියා කියන කතාව බොරු