ලොහාන් රත්වත්ත මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනවාරි මස 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි ජනාධිපති ලේකම් එස්.බී ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයක දැක්වෙන්නේ.
ජනාධිපතිවරයා විසින් ලොහාන් රත්වත්ත මහතාව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් කළා.
මේ බව සඳහන් කරමින් ද ජනාධිපති ලේකම් එස්.බී ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුවයි ඔහු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.
ලොහාන් රත්වත්ත මහතා ඉදිරියේ දී, වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

