Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සනත්ගේ බිරිඳ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

3 years ago

කටුනායක අධිවේගී මාර්ගයේ දී සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පුත්තලම දිස්ත්‍රික්කයට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා ගැනීමට සැරසෙන මෙම තීරණය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ කැමැත්ත හිමි වී ඇති බවයි සඳහන් වන්නේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේද ආශිර්වාදය ඒ සඳහා හිමිවුවහොත් එම යෝජනාව පක්ෂ මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

ඇයට මන්ත්‍රී ධුරට ලබා දීම පිණිස ඉල්ලා අස්වීමටද කිහිප දෙනෙක් කැමැත්ත පළ කර ඇති බව සඳහන් වෙනවා.