සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වසර කිහිපයක් පුරා සුගීශ්වර බණ්ඩාර මහතා කටයුතු කරනු ලැබීය.
රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර සිටම ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ ඒ සුගීෂ්වර බණ්ඩාර මහතායි.
කෙසේ වෙතත් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්රියාකාරී දේශපාලනයට එක්වීමට බවද වාර්තාවන් වෙයි.
ඔහු නිමල් ලංසා මහතා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා තිබෙන නව සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනු ඇතැයිද පැවසෙයි. (lanakcnews)

