Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිකමෙන් ඉවතට ?

3 years ago

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් අමාත්‍යවරයාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස සිදු කළ දැනුම්දීමක් අනුව ඔහු මෙලෙස අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 02 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.