Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆොන්සේකා, රාජිත ඇතුළු සජබ ප්‍රබලයින් රැසක් සජිත්ගේ අණට පිටුපායි! ජනපති සමඟ රැදෙයි!

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7) පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව ආරම්භයේදී සභාගර්භයට පැමිණ සිටි විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා කතාව පැවැත්වීම ආරම්භ කිරීමත් සමග සභාගර්භයෙන් පිටව ගොස් තිබුණා.

එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොටසක් සභාගර්භයෙන් එසේ පිටව ගියද රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ඉෂාක් රහුමාන් , වඩිවෙල් සුරේෂ්, ඒ.එච්.එම් ෆවුසි සහ ෆයිසල් කාසිම් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දස දෙනෙකුට ආසන්න පිරිසක් සභාගර්භයේ රැඳී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.