ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (7) සිදුව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් කළ කතාවෙන් අනතුරුව දෙදෙනා අතර මෙම හමුව සිදුව තිබේ.
ඔවුන් දෙදෙනා සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් කිසිවම් මාධ්‍යයට හෙළිදරව් නොකෙරුණි.
මෙම හමුවෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා පමණක් මෙම හමුවට සහභාගී වී සිටීමයි.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා පවත්වන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සජබ ප්‍රබලයින් පිරිසක් සභාවේ රැඳී සිටිමින් ජනපතිගේ කතාව ශ්‍රවණය කරන අයුරුද දැකගත හැකි විය.

