මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීමට උත්සාහයක් ඇති බව විපක්ෂයේ ප්රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ පාර්ලිමේන්තු කතාවේද ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු සඳහනක් නැති බවත් එනිසා ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහය ඒ හේතුවෙන් පැහැදිලි වන බවද මන්ත්රීවරයා සදහන් කරයි.
සිවිල් සමාජයේ බළල් අත් යොදා ගැනීමේ වෑයමක් ඇති බවත් පළමුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන එනු ඇති බවත් එම ක්රියාවලිය සිදුකිරීමට වසරක් පමණ ගතවනු ඇති බවද මන්ත්රීවරයා සදහන් කරයි.
ඔහු මේ බව ප්රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.



