Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

patali champika ranawaka - පාඨලී චම්පික රණවක

පාඨලී ඉවතට! නාලක ගොඩහේවා ඇතුළට!

3 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා පහක් සඳහා සාමාජික මන්ත්‍රීවරු නම් කිරීම අද සිදු වුණා.

ඒ අනුව රජයේ මුදල් කාරක සභාවේ විපක්ෂය නියෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාව නම් කර ඇත.

එය කථානායකවරයා විසින් ඉදිරිපත් කළ නිවේදනයේ දැක්වෙයි.

මින් පෙර සැසිවාරයේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ විපක්ෂයේ නියෝජිතවරයා වශයෙන් නම් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාය.