Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය ගැන ජනපති තම ස්ථාවරය කියයි

3 years ago

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය එළඹෙන ජූනි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ඔස්ට්‍රේලියාවෙදී ඉන්දීය මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම සාකච්ඡාවේදී මෙම වසරේදී මැතිවරණ පැවැත්වෙනවාද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන මැතිවරණ ද්විත්වයම මෙම වසරේ පැවැත්වීමට නියමිත බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

නමුත් තමාගේ පළමු අරමුණ රට බංකළොත්භාවයෙන් මුදවා ගැනීමයි ජනාධිපතිවරයා සඳහන් කළේ.