Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශපාලන පක්ෂ කිහිපයක් එකතුවෙන් ලබන සතියේ කරළියට එන නවතම දේශපාලන සන්ධානය

3 years ago

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා ඉදිරි සතියේදී අවසන් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

එම සන්ධානය සඳහා උත්තර ලංකා සභාගය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම නව දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක්ද එක්වීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් වර්තමානය වන විටත් උත්තර ලංකා සභාගය සමඟ එක්ව කටයුතු කරනු ලබනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (12) උත්තර ලංකා සභාගයේ දේශපාලන නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.