Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පක්ෂ නායකත්වය හා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන චන්ද්‍රිකාගෙන් විශේෂ නිවේදනයක්

3 years ago

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය පවසනවා.

ඇය පෙන්වාදෙන්නේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීම පිළිබඳවද තමන් මෙතෙක් තීරණය කර නොමැති බවය.

විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍යවල පවතින වාර්තා අසත්‍යය බව සිය නිවේදනය මඟින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය දැනුම් දී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.