පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාව හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකර තිබේ.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ(14) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති අතර මෙම රැස්වීම අතරතුර හදිසි රෝගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මේ වන විට මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරී තිබුණද තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.


