විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 100වන සක්වල වැඩසටහනට පිල් මාරු කිරීමකට සැරසෙන දේශපාලනඥයෙක් සහභාගී වන බව වාර්තා වනවා.
මෙම සක්වල වැඩසටහන හෙට (16) දිනයේදී බොරලැස්ගමුව ප්‍රදේශයේ පාසලක් ඉලක්ක කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාතේ ප්‍රබලයෙකු එක්වීමට නියමිතයි
ඔහු ඉදිරියේදී සමගි ජනබලවේගය සමඟ එක්ව දේශපාලන කටයුතු සිදුකරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ..
එලෙස එක්වීමට නියමිත දේශපාලනඥයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකි.


