දේශාපලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්විමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.
ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමට පවතින බාධා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනිමට නියමිතයි.

