දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද පැවැත්විණි.
ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.
සමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාද සහභාගී වී සිටීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති ධූරයද දරනු ලබනවා.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාදා යහම්පත් මැතිණිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
එමෙන්ම මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව, ධාවන ශූර ශිහාන් අඹේපිටිය ඇතුළු පිරිසක්ද එම සමුළුවට එක් විය.
මව්බිම ජනතා පන්ෂයේ පෙර පැවති සමුළුවලට නොතිබූ දැවැන්ත ජන සහභාගීත්වයක් මෙම සමුළුවේදී දැකගැනීමට හැලි විය.


