විශ්‍රාමිකයන්ට අයවැයෙන් ඉහළ දැමූ රුපියල් 2500 දීමනාව කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලා දිවයින පුරා විරෝධතා සංවිධානය කිරීමට විශ්‍රාමිකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එයට සමගාමීව විශ්‍රාමිකයින් සංවිධානය කළ විරෝධතාවක් වත්තේගම නගරයේදී ඊයේ පැවැත් වුණා.
විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව පසුගිය 12 වනදා කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවා.
වත්තේගම නගරයේදී ඊයේ පැවති විරෝධතාවට එක් වෙමින් අදහස් දැක් වූ රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදලේ සභාපති සුමතිපාල උඩලකුඹුර සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයට විශ්‍රාමිකයින්ගෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.


