ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහායෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
නිදහස ජනතා සභාව අද (19) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.
එහිදී, ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මේ වන විට ප්‍රබල ජන මතයක් සජිත් ප්‍රේමදාසට ගොඩනැගෙමින් ඇති බවයි.
ජනාධිපතිවරණයක් වුවද පාර්ලිමේන්තු මැතිවරණයක් වුවද සජිත් ප්‍රේමදාසට සහායෝගය ලබාදෙන ස්ථාවරයේ සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහු පසුගිය මහ මතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසි අතර වසර ගණනාවක් ඔහු එම පක්ෂයේ සභාපති ධූරයද දරනු ලැබුවා.

