Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිරන්ති රාජපක්ෂට රජයෙන් විශ්‍රාම වැටුප් කිහිපයක් ?

3 years ago

ශිරන්ති රාජපක්ෂ මහත්මිය විශ්‍රාම වැටුප් කිහිපයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති, වලහාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කළ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වලහාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රකාශය සත්‍ය කරුණු මත පදනම් නොවන අතර එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

එමෙන්ම, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට විශ්‍රාම වැටුප් හෝ අනෙකුත් කිසිදු ගෙවීමක් රජයෙන් වෙන් කර නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව, මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීමේදී අදාළ චෝදනා සම්බන්ධයෙන් පවතින කරුණු තහවුරු කරන ලෙසත් වැරදි තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා.