හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණඩාර මහතා අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
එම ලිපිය මගින් සුගීෂ්වර බණ්ඩාර මහතා ප්රථමයෙන් ම තමා ව, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරයේ තබා ගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන අතර තමා දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා දරණ ධුරයෙන් ඉවත් වන බවයි ඔහු කියා සිටින්නේ.
මේ වන විට නිමල් ලන්සා මන්ත්රීවරයා ඇතුළු පිරිස විසින් ගොඩ නගා ඇති නව සන්ධානයේ ක්රියාකාරී දේශපාලනයේ නියැලෙන හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා සිය ඉල්ලා අස් වීමේ ලිපිය හරහා හිටපු ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් වන අවස්ථාවේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව සිය ප්රශංසාව පළ කර තිබෙනවා.
නව සන්ධානයේ කොළඹ දිස්ත්රික් රැළිය 24 වනදා හයිඩ් පාක් පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම රැළිය සාර්ථකව පැවැත්වීම සඳහා සුගීෂ්වර බණ්ඩාර මහතා මේ දිනවල දැඩි පරිශ්රමයක් දරමින් සිටින බවද වාර්තා වේ.

