Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා

සජබෙන් ෆොන්සේකාට තහනමක්

3 years ago

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට පක්ෂයේ කිසිදු රැස්වීමකට සහභාගී වීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රතිපත්ති වලට හානිවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මන්ත්‍රී සරත් ෆොන්සේකාට පක්ෂ රැස්වීම් සදහා සහභාගිවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පවතී අතර ඒ සඳහාද මන්ත්‍රී සරත් ෆොන්සේකා සම්බන්ධ වී නොසිටි බව වාර්තා වේ.

කෙසේ වෙතත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, මහ ලේකම්වරයාට සහ පක්ෂයේ ප්‍රධානින් කිහිපදෙනෙකුට එරෙහිව සරත් ෆොන්සේකා අධිකරණයෙන් වාරණ නියෝගයක්ද ලබාගෙන ඇත.