ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චමින්ද වාස් මහතාට සමගි ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇරයුම් කර ඇත් බව වාර්තා වෙයි.
මෑතකදී සමගි ජන බලවේගයට එක් වූ පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ 3කට අධික මනාප සංඛ්‍යාවක් ලැබූ මන්ත්‍රීවරයෙකු හා සජිත් ප්‍රේමදාස මහතාට අතිශය සමීප ව්‍යාපාරිකයෙකු චම්න්ද වාස් සමගින් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් විසින් සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ධූරයද චමින්ද වාස් මහතාට ලබාදීමට යෝජනා කර ඇත.
මින් පෙර සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ධූරය දරනු ලැබූවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මාහතා විසිනි. නමුත් ඔහු මෙවර මහ මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කිරීම හේතුවෙන් කටාන ආසන සංවිධයක ධූරය හිස්ව පවතිනවා.
නමුත් මෙම ආරාධනය සම්බන්ධයෙන් චමින්ද වාස් මහතා මෙතෙක් සිය අවසන් ස්ථාවරය දන්වා නොමැති බවයි වාර්තා වන්නේ.

