සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරිපත් කර සජිත් ප්‍රේමදාස මහතාව මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීම සඳහා මෙම පිරිස් සූදානම් වන බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගය තුළ සිටින ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ම අවස්ථා ගණනාවකදීම ප්‍රේමදාස මහතාට මේ පිළිබඳව දන්වා ඇති අතර එසේ නොවන්නේ නම් ඔවුන් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද දන්වා ඇත.
මේ අතර මෙරට පිහිටි ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක්ද රනිල් වික්‍රමසිංහ මහතාව හා සජිත් ප්‍රේමදාසව එක් කිරීම සඳහා ප්‍රබල මෙහෙයුමක නිරතව සිටින බවද වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා මෙලෙස එකට එක්ව මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු පිරිස වෙනම කණ්ඩායමක් ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් වනු ඇති බවද වාර්තා වෙයි.

