Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීවරුන් රැසක් පොහොට්ටුවෙන් ඉවත් වෙයි! හයිඩ් පාක් පිටියේ පැවති රැළියේදී නව සන්ධානයට එක් වෙයි!

3 years ago

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පැවැත්විය.

මෙම ජන රැළියට විශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය ලෙස කොළඹ හයිඩ් පාර්ක් පිටියේ පැවති රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක්ව තිබෙනවා.

නව සන්ධාන වැඩපිළිවෙළට සහය දක්වමින් එම පිරිස එක් වී තිබෙනවා.

මේ අතර නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.