මැතිවරණ වියදම් පිළිබඳ පනතට අයත් කරුණු පිළිබඳ සියලු ම දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම පනත යටතේ මැතිවරණ වියදම් සීමා කළ යුතු වෙයි.
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත සම්මත වීමෙන් පසු පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන ඡන්ද විමසීම මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
මෙම පනතේ ඇතුළත් විධි විධාන පිළිබඳව අපේක්‍ෂකයන් දැනුවත් නොවීම නිසා ඇතැම් අපේක්‍ෂකයන් මෙන්ම දේශපාලන පක්ෂ ද මේ වනවිට වියදම් සීමා ඉක්මවා වියදම් කර ඇති බව ද වාර්තා වේ.
පනත පිළිබඳව සියලුම පිළිගත් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා පෙබරවාරි 27 වන දා සහ මාර්තු 6 වන දා එම පක්ෂ නියෝජිතයන්ට පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.


