ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් දිගින් දිගටම ආක්‍රමණය නතර නොකර ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම බලපෑම් කළහොත් තමන් ඇමති ධුරයෙන් ඉවත්වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.
ඉන් අනතුරුව රටේ ධීවරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බැස සටන් කරන බවද හෙතෙම පැවසීය.
ඉන්දීය ධීවරයන් විසින් මෙරට ධීවර සම්පත කොල්ලකෑම දිගින් දිගටම සිදු කරන බවත් ආක්‍රමණ නතර කිරීමට තමන් අමාත්‍ය ධුරය භාරගත්දා සිට උත්සාහ ගත්තද මේ දක්වා ඉන්දීය පාර්ශවයෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු බවද හෙතෙම පැවසීය.
යාපනයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.(source – lankacnews)

