ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් ජනතා කැමැත්ත තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි අනාවරණ වී තිබෙනවා.
ඒ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කර ඇති ජනවාරි මාසය අදළා වාර්තාව තුළින්.
එහි දී ජාතික ජනබලවේගයට සියයට 40ක් කැමැත්තක් හිමි වී ඇති අතර සමගි ජනබලවේගයට හිමිව ඇත්තේ සියයට 30ක ජනතා ප්‍රසාදයක්.
එක්සත් ජාතික පක්ෂයට ජනතා කැමත්ත සියයට 6ක් ලැබී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති ප්‍රසාදය සියයට 8ක්.
කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාසයට වඩා ජාතික ජනබලවේගයේ ප්‍රසාදය සියයට එකකින් ඉහළ යන විට සමගි ජනබලවේගයේ ජනප්රසාදය ඉහළ ගොස් ඇත්තේ සියයට තුනකින්.
මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 15,590ක් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.


